රුමේනියා යවනවැයි ජාවාරම් කළ පුද්ගලයාගේ වාහනය වටකර පහරදී ගංගොඩවිල උසාවිය අසළ උණුසුම්
the-vehicle-of-the-person-who-smuggled-the-goods-to-romania-was-surrounded-and-attacked-and-it-was-hot-near-the-gangodawila-court
රේන්බෝ මෑන් පවර් නම් ආයතනයක් හරහා රුමේනියාවේ විදේශ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි 90 කට අධික මුදලක් වංචා කළ බවට සැකකරන රේන්බෝ මෑන් පවර් ආයතනයේ හිමිකරු අද (30) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නමුත් අද ඇප මත නිදහස් විය. නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් ඔහු නිදහස් කළ පසු ගංගොඩවිල අධිකරණය අසළ මගරැක සිටි අසාධාරණයට ලක්වූ පිරිස් ඔහු ගමන් කළ වාහනයට පහරදෙමින් විශාල කලබලයක් කර තිබුණි.
මෙම සැකකරු හා ඔහුගේ බිරිඳ රේන්බෝ මෑන් පවර් නමින් විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා, දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළි වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර තිබුණි.
රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ බවට මෙම සැකකාර විදේශ රැකියා හිමිකරුට එරෙහිව පැමිණිලි 470 ක් පමණ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබි තිබූ අතර ඉදිරි විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කාර්යාංශය විසින් එම පැමිණිලි භාරදී තිබුණි.
මෙයට අමතරව තවත් පැමිණිලි 400ට අධික ප්‍රමාණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද ලැබී තිබෙන අතර මුලින්ම පසුගිය ඔක්තෝම්බර් 30 දින අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 :(2008-2026)✉️ editor@gossiplankanews.com ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ: ගොසිප් ලංකා ප්‍රවෘත්ති WhatsApp ඔස්සේ ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ Recent Posts 8/recent/post-list 5/recent2/post-list 5/recent3/post-list 5/recent4/post-list Search Footer Menu Widget© 2008-2026 Gossip Lanka News All Rights Reserved.Gossp Lanka News™ & © Yathura Media Networks (Pvt) Ltd